දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල මී.මී 50ට තරමක තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්රික්කයන්වලට සිහින් වැසි ඇතිවිය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං හමන අතර එය පැ.කි.මි 60-70 අතර අගයක් ගනී.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නැයි එම දෙපාර්තමේනතුව ඉල්ලා සිටියි.
