අධිකරණ හා බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමේ තීරණයට එළඹි බව අධිකරණ හා බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍යාංශය නිවෙිදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.