වැලිකඩ කාන්තා රැඳවූවන් 160ක් අගුණුකොළපැලැස්සට
වැලිකඩ බන්ධනාගාරයේ දැනට දිගුකාලීනව සහ ජීවිතාන්තය දක්වා රඳවා සිටින කාන්තා රැඳවූවන් 126 දෙනෙකු අගුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය වෙත මැරු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට ඇතිව ඇති අධික තදබදය හේතුවෙන් මෙම තීරණයට එළෙඹි බවත් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර සංකීර්ණය නවීන පහසුකම්වලින් සමන්විත බවත් එය ඔවුන්ට වාසිදායක බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
නමුත් එම රැඳවූවන්ගේ ඥාතීන් පවසන්නේ එම මාරුකිරීම් හේතුවෙන් තමන්ට ඔවුන් හමුවීමට ඉතා දුර බැහැර යෑමට සිදුවන බවත් ඒ සඳහා අධික වියදමක්ද දැරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි.
එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා, ඥාතීන්ට එසේ අපහසුතා ගෙන දුන්නද සිරකරුවන්ගේ යහපතට එය වාසිදායක බවත් වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට සිරකරුවන් 700ක් පමණ සිටින බවත් නමුත් එහි රැඳවිය හැක්කේ සිරකරුවන් 300ක ප්රමාණයක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
