වැඩබලන ධීවර ඇමති දිලිප්
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාව පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඊයේ (09දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා විදේශ චාරිකාවක නිරතව සිටින බැවින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි මහතා දැනට කටයුතු කරමින් සිටී.

popular news
-
daham Wednesday, 11 July 2018 03:00 AM
රත්නපුරේ හිමිනමක් සිතාසියක් බාරදීමට ගිය පොලිස් නිලධාරියෙක් ඝාතනය කල ප්‍රවුර්තිය ඔබ පත්තරේ පල නොකරන්නේ සන්ඝයාලාව බේරාගැනීමටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

