ශ්‍රී ලංකාව තුළ වැඩ කළ හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
ලෝක ළමා ශ්රමිකත්වයට එරෙහි දිනය සැමරීම වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයකදී ඔහු මේ බව නිවේදනය කළේය.
