වැටුප් වැඩි නොකිරීම ගැන ජනපතිගේ ප්‍රකාශය තිරපිටපතක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරන බව සඳහන් ප්‍රවෘත්තිය රටට ඉදිරිපත් කර අවසානයේදී වැටුප් වැඩිනොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන්නේ පිටපතකට අනුව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (05දා) පැවසීය.
ජනාධිපතිවරයා කාඩ්බෝඩ් වීරයාගේ චරිතයට පණ පෙවීම සඳහා විවිධ මාතෘකා නිර්මාණය කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,
“මන්ත්‍රීවරුන්ගේ වැටුප 215%කින් ඉහළ දමනු ලැබේ කියලා ලණුවක් දුන්නා. කට්ටියක් කියනවා අපි මේකට විරුද්ධයි. තව කට්ටියක් මේක සාධාරණිකරණය කරනවා. ඔහොම නාට්‍ය ජවනිකා යන්න දීලා තිරපිටපත අනුව එක තැනකදී ජනාධිපතිවරයා කියනවා එක සතයක් මං වැඩිවෙන්න දෙන්නෑ කියලා.
ජනාධිපතිට වීරයා වෙන්න පොටක් පෑදෙනවා. දැන් වෙන මොනවයින් වීරයා වෙන්නද? තමන්ගේ ආණ්ඩුවම ලව්වාම වැරදි දෙයක් කොරන්න යවලා, ඒක වෙන්න දෙන්නෑ කියලා නවත්තලා කාඩ්බෝඩ් වීරයාගේ චරිතයට පණපෙවීම ඇර සිරිසේන ජනාධිපතිවරයා වෙන කොහොම වීරයාගේ චරිතයට පණ පොවන්නද? කාඩ්බෝඩ් වීරයාගේ චරිතයට පණ පෙවීම සඳහා එක එක මාතෘකා නිර්මාණය කරනවා.
වැඩිකරනවා කියන්නෙත් ඒ ගොල්ලෝ, සත පහකින් වැඩිවෙන්න දෙන්නෑ කියන්තෙන් ඒගොල්ලෝ. නඩුත් ආණ්ඩුවේ. බඩුත් ආණ්ඩුවේ. ආණ්ඩුව දෙන ප්රවෘත්ති බුල්ටෝ හප හප සමහරු කාලය ගත කරනවා. සිරිසේන මහත්තයෝ අපි වැඩිකරන්න ඉල්ලුවෙත් නැහැ,ඒ නිසා තමුන්නාන්සේට අඩුකරන්න දෙයක් නිර්මාණය වෙන්නෙත් නැහැ. වැඩිකරන්න ගියෙත් තමුන්නාසේගේ ආණ්ඩුව. වැඩිකරන්න දෙන්නෑ කියන්නෙත් තමුන්නාන්සේගේ ආණ්ඩුව.
මේක හරියට සාජන් නල්ලතම්බිට වෙච්චි දේ වගේ. සාජන් නල්ලතම්බිට වෙඩිතිබ්බෙත් ආණ්ඩුවේ පොලීසිය, රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුව. මේ ආණ්ඩු නොකෙරෙන දේවල් කරනවා කියනවා. ඒක පිළිබඳ මහජන මතයක් හැදෙන්න දීලා සතයක්වත් වැඩිවෙන්න දෙන්නෑ කියන්නෙත් ආණ්ඩුව. මෙහෙම ආණ්ඩුවක් නම් අම්මා මුත්තා කාලයේදී නම් අපේ ජීවිත කාලයේදී දැකලා නැහැ.“යනුවෙන් පවසා සිටියේය.

popular news
-
Champa Sunday, 05 August 2018 08:39 PM
ඒ කතාව නම් ඇත්ත. ආණ්ඩුවේ ඇමතිවරු easy ටෙනිස් බෝල දානව ජනාධිපතිට sixes ගහන්න. එයා හිතනවා මිනිස්සු cheer කරයි කියලා. හොඳටම දන්නවා මේ වෙලාවේ මැති ඇමතිවරුන්ට සියයට 215කින් පඩි වැඩි කලොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනවා කියලා. දන්නවද විමල්, ලංකාවේ ඊළඟ ජනාධිපති තිත්තයෙක් වෙන්න ඕනේ. එතකොට එයාට පුළුවන් දේශපාලන කොක්කුන්ට තිත්ත බෙහෙත් දෙන්න.
Reply : 0 0
athura Monday, 06 August 2018 10:19 AM
ඔයා චීයර් කරන්නේ වින්මල්ට නේද මහත්මිය ඇයි ඇමති වෙලා ඉන්න කොට ගෙයක්වත් ලැබුනද?
Reply : 0 0
Champa Monday, 06 August 2018 05:14 PM
ඒ කාලේ මම විමල්ව දන්නේ නැහැ. දේශපාලකයන්ගෙන් කවදාවත් මට වැඩක් තිබ්බෙත් නැහැ. මුළු රටම විමල් එක්ක එකට එකතු වුනේ මහින්ද පැරදුනු නිසා හිතට ආපු වේදනාවට. මහින්ද නැති රටක් ගැන මිනිස්සුන්ට හිතන්නවත් බැරි වුනේ මහින්දව රටට නැති වුනාට පස්සේ. විමල්ව අඳුර ගත්තේ 2015 පෙබරවාරි 18 නුගේගොඩ තිබ්බ රැස්වීම හින්ද.
0 0
rocky Monday, 06 August 2018 11:46 AM
කාඩ් බෝඩ් වීරයා කවුද කියන එක මුළු රටම දන්නවා! එත් ඒක ඔබට නොතේරෙන එක නොව පුදුමේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

