වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් සතොස සේවකයින්ද විරෝධතාවයක
සතොස සේවකයින්ට අහිමි කර තිබෙන රුපියල් දෙදහස් පන්සියේ මාසික දීමනාව වහාම ලබාදෙන ලෙස ඉල්ලා අද (30දා) දින විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
රාජ්‍ය සේවකයින්ට ජූනි මාසයේ සිට ලබාදෙන රුපියල් දෙදහස් පන්සීය සතොස සේවකයින්ට අහිමි කර තිබෙන බවත්, එය කඩිනමින් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූවත් මෙතෙක් එය ලබාදී නොමැති බව අන්තර් සමාගම් පොදු සේවක සංගමය සඳහන් කරයි.
මේ නිසා අදාළ මුදල හිඟ මුදල්ද සමග ඔක්තොම්බර් මස වැටුපට ලබාදිය යුතු බවත්, එසේ නොකළහොත් සතොස වෙළෙඳසැල් වසා දමා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
විරෝධතා පාගමන හයිඩ්පිටියේ සිට වොක්සෝල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන කාර්යාලය දක්වා පැවැත්වූ අතර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරය පැවැත්වීය.
-
චමින්ද Tuesday, 01 October 2019 07:11 AM
කාර්ගිල්ස්.කීල්ස් ආර්පිකෝ වැනි ආයතනත් දැන් සුපිරි මෙන්ම සහනදායී මිළට භාණ්ඩ විකුණනවා.මෙම වර්ජනයෙන් සිදුවන්නේ පාරිභෝගිකයින් එම වෙළදසැල් වලට යොමුවීමත් සතොස වැසී යාමත් පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

