අධික වටිනාකමකින් යුක්ත වාලම්පුරියක් යාපනයට රැගෙන යෑමට සූදානම් කරමින් සිටියදී වාලාම්පුරිය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්රියේදී කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අදාළ වාලම්පුරිය යාපනයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිළිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා සමග වාලම්පුරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමට අදාළ වැඩිදුර පිරීක්ෂණ කිළිනොච්චිය පොලීසිය සිදු කරන අතර අත්අඩංගුවට ගැනුණු වාලම්පුරිය සහ සැකකරුවන් දෙදෙනා අද (10දා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

