නුවරඑළිය, හෝටන්තැන්න මාර්ගයේ පට්ටිපොල ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මීගමුව, අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි උදිත සඳරුවන් නැමති 42 හැවිරිදි එක්දරු පියෙකි.
ඔහුගේ පෙර විවාහයේ බිරිඳ හා දරු දෙදෙනා, 2019 වසරේ අපේ‍්‍රල් මාසයේ කටුවාපිටිය පල්ලියේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, පසුව ඔහු වෙනත් විවාහයක් කරගෙන තිබේ. එම විවාහයෙන්ද ඔහුට දරුවෙක් සිටිති.
මිය ගිය තැනැත්තා ව්‍යාපාරිකයෙක් බව හඳුනාගෙන ඇති අතර, ගෙල වැළලාගෙන සිටි ස්ථානයට ආසන්නයේ ඔහුගේ ජංගම දුරකථනයද, මෝටර් රථයක්ද තිබි පොලිසිය භාරයට ගෙන ඇත.
ජංගම දුරකථනයේ ජායාරූප ගත කර තිබු ලිපියක් තිබු බවත්, එම ලිපියේ සඳහන් කරුණු අනුව මුදල් ප්‍රශ්නයක් මත මෙම සියදිවි නසාගැනීමට සිදුව ඇති බවටත් පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පට්ටිපොළ පොලිසිිය විසින් සිදුකරනු ලබයි.
නුවරඑළිය සම්පත් ජයලාල්