ව්‍යාජ ලේඛණ සැකසිමේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙකු ඊට යොදා ගත් ව්‍යාජ රබර් මුද්‍ර 32ක් ඇතුළු ලේඛණ විශාල තොගයක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (21දා) අත් අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ,කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි සිවුදරු පියෙකු ව්‍යාජ කූඨ ලේඛණ සැකසිමේ කටයුත්තක නිරතවි සිටිනා බවට ලැබුණු තොරතුරු වලට අනුව පොලිස් කණ්ඩායම එහි ගොස් වැටලිම සිදුකර තිබු අතර සැකකරු සන්තකයේ හා නිවසක කාමරයක සගවා තිබු රබර් මුද්‍ර 32ක් නිවාස සැලසුම් සේවක අර්ථසාධක අරමුදල් ලබාගන්න ලේඛණ හැදුනුම්පත්වල ඡායා පිටපත් දිවුරුම් සහතික ඇතුළු ලේඛණ විශාල තොගයක් පොලිස් භාරයට ගෙන තිබුණි.
අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ,වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාවක් දේශිය වෛද්‍ය නිල මුද්‍රාවක් සාම විනිසුරුවරුන් විශාල පිරිසකගේ නිල මුද්‍රා තාක්ෂණ නිලධාරි නිල මුද්‍රා පෞද්ගලික සමාගම් කිහිපයක නිල මුද්‍ර සැකකරු සන්තකයේ තිබි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
අනුරාදපුර, තඹුත්තේගම, එප්පාවල, මහව, ගල්ගමුව, ගිරිඹාව, දඹුල්ල ඉපලෝගම, කැබිතිගොල්ලෑව, කඩවත යන ප්‍රදේශ රැසක සාමවිනිසුරු වරුන්ගේ හා පෞද්ගලික ආයතන දෙකක රබර් මුද්‍රා අත්අඩංගුවට ගත් මුද්‍ර තොගයේ තිබු බව පොලිසිය පවසයි.
සැකකරු අර්ථක සාධක අරමුදලෙන් සියයට 75ක ණය ලබා ගැනිමට අවශ්‍ය ව්‍යාජ ලේඛණ පෞද්ගලික ආයතන වල සේවා සහතික ඇතුළු ව්‍යාජ ලේඛණ රැසක් විවිධ පුද්ගලයන්ට සකසාදි මුදල් ලබාගෙන ඇති බවත් ණය ලබා ගත් පුද්ගලයන් තවත් පුද්ගලයන්ට ණය ලබා ගැනීමට අවශ්‍ය ලේඛණ සැකසීමට මොහු සම්බන්ධකරදී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරිම් වලදි එක් ලේඛණයක් සැකසීමට රුපියල් 1500ක් ලබාගත් බවට ප්‍රකාශ සැපයූවත් එය විශ්වාස කල නොහැකි බව පවසන පොලිසිය අඩුම තරමින් ලේඛණ සකසාදීමට එක් අයකුගෙන් රුපියල් 5000ක මුදලක්වත් අයකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් ආරක්ෂක නියාමකවරයා වසර පහක පමණ කාලයක් මෙම නීතිවිරෝධි ක්රියාවේ නිරතවි ඇති බවත් 41 හැවරදි, නමය ඇල පාර, විජයපුර, ලිපිනයේ පදිංචි සැකකරු අද (22දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
