යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යට වුණ තම ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීම හා අදාළ නිලධාරීන් ඒ සඳහා උනන්දු නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි පවසමින් හොරොව්පතාන,වාහල්කඩ ඉඩම් අහිමි වූ ජනතාව අද (02දා) හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැටලූහ.
මෙම උද්ඝෝෂණය සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවතවැව, වාගොල්ලාකඩ හා අලියාකඩ, යන ගම්මානවල පන්සියයකට ආසන්න ජනතාවක් සහභාගි වූහ.
උදෑසන 10 ට පමණ හොරොව්පතාන නගර මධ්‍යයෙන් පටන්ගෙන උද්ඝෝෂණයේ යෙදුන පිරිස පසුව පාගමනින් හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණි උද්ඝෝෂකයෝ වසා තිබූ ගේට්ටුව කඩා දමා පොලිස් නිලධාරීන් ද තල්ලු කරමින් කාර්යාලය භූමියට ඇතුළු වී හූ කියන්නට පටන් ගත්හ. එහිදී ඔවුන් පැවසුවේ වාරිමාර්ග අමාත්‍යවරයා හෝ දිස්ත්‍රික් ලේකම්වරයා සහ යාන් ඔය ව්‍යාපෘති අධ්යක්ෂවරයා එම ස්ථානයට එවිය යුතු බවය.
ඒ අනුව හොරොව්පොතාන සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයාට දුරකතනයෙන් කතාකොට උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම පිළිබඳවදැනුවත් කොට තිබුණ අතර ඒ මොහොතේ එම ස්ථානයට තමන්ට පැමිණිය නොහැකි බවත් අවශ්‍ය ඉල්ලීම් ලිඛිතව ලබාදෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තමන්ට පැවසූ බව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා උද්ඝෝෂකයන්ට පැවසීමත් සමඟ තත්වය උණුසුම් වුහ.
මේ වනවිට තමන් ඇතුළු දරු පැටවුන් හට තුන්වේලෙන් , එක වේලක්වත් කන්න විදිහක් නොහැකි බවත් ,කෙසේ හෝ විසඳුමක් ලබාදෙන තෙක් කාර්යාලය භූමියෙන් ඉවත් නොවන බවත් පවසා තමන්ට දැන් බීමට ඇත්තේ කැඳ විතරක් යැයි පවසමින් පැමිණි ජනතාව කාර්යාල භූමියේ ලිප් බැඳ කැඳ හැලියක් ලිප තැබුවේය.
අනුරාධපුර චතුරංග