යුද හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ආධාර වශයෙන් ලබා දෙන බව පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වලට ගොස් ඒවා ප්‍රවාහනය කර දීම සඳහා යැයි පවසමින් වැඩවසන හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචාකල විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි
සැකකරු මේ ආකාරයෙන් දොඩංගොඩ, මීගහතැන්න, බදුරලිය , හා මතුගම විහාරස්ථානවලට ගොස් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය .
සැකකාර විශ්‍රාමික පොලිස් සැරයන්වරයා යුද හමුදාවේ සෙබලෙක් ලෙස පෙනී සිටීම මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි
යුද හමුදාව මගින් සිදුකරන ඉදිකිරීම් කටයුතු වලින් ඉතිරි වන සිමෙන්ති වැලි ගල් හා ටයිල් ඇතුළු උපකරණ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ආධාර වශයෙන් ලබා දිය හැකි බව හිමිවරුන් ට පවසා මෙම මුදල් වංචාව කාලයක සිට කරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි .
58 හැවිරිදි සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .