ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ චීනයේ විශේෂඥයන් සඳුදා රෝග පාලනය හා වැළැක්වීමේ වූහාන් මධ්‍යස්ථානයට මෙන්ම හුබෙයි පළාත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙතද පැමිණ තිබේ.
චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායම තෙවැනි මට්ටමේ ජෛව සුරක්ෂිතතා විද්‍යාගාරයක් සහ උණ පර්යේෂණ විද්‍යාගාරයක් ඇතුළුව හුබෙයි සහ වුහාන් CDC රසායනාගාරවල මෙම සංචාරය සිදුකර ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
චීනයෙන් මුලින්ම වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සාම්පල සහ පර්යේෂණ දත්ත පිළිබඳවද කණ්ඩායම සොයා බැලූ අතර මධ්‍යස්ථාන දෙකේ විශේෂඥයන් සමග අදහස් හුවමාරු කරගැනීමක්ද සිදුකර තිබේ.