පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වන යෝජනාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරන බවත් එම මුදල් ජනතාවට එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බල කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.
“බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. රටතුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු. දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය විසින් කිසිදින අනුමත නොකරනු ඇත. ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසාය.”