රට තුළ යළිත් කොරෝනා ආසාදිතයන් නැවතත් වාර්තාවීම හේතුවෙන් නව සෞඛ්‍යමය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෙඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව පොදු ප්‍රවාහන සේවය තුළ ආසන ගණනට මගීන් ගෙන යාමට අවස්ථාව පවතී. පුද්ගලික ප්‍රවාහන සේවා වලදී මෝටර් රථයක හා ත්‍රි රෝද රථයක උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කර තිබේ.
අනෙකුත් මගී ප්‍රවාහන පෞද්ගලික වාහන වල රැගෙන යා හැක්කේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 50කට පමණි.
මීට අමතරව ඇතුළත මෙන්ම පිටත සාද පැවැත්වීම තහනම් අතර ජනතාව ඒකරාශි කිරීමද තහනම් වෙයි.
සිනමා ශාලා, තැබෑරුම්හල්, කැසිනෝ හා සමාජ ශාලා, සූදු තැබීමේ ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමර ලබාදෙන ස්ථාන විවෘත කිරීම තහනම් කර තිබේ.
ඔක්තෝබර් 31 දා තෙක් මෙම මාර්ගෝපදේශ අදාළ වෙයි.