ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම අද (14දා) චීනයේ වූහාන් නගරය වෙත පැමිණීමෙන් පසුව නිරෝධායන ක්රියාවලියකටද ලක්වන බව චීන මාධ්‍ය පවසයි.
කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය සොයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්මෙසේ වූහාන් වෙත පැමිණීමෙන් පසු හුදෙකලා වන බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
"අපගේ ජාතික වසංගත වැළැක්වීමේ හා පාලන ක්‍රියාමාර්ගවල විධිවිධානවලට අනුව, ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ඒ අනුව නිරෝධායනය කරනු ලැබෙනවා" නිරෝධායන කාල සීමාව තුළ ඔවුන් චීන විශේෂඥයන් සමග වීඩියෝ මගින් සන්නිවේදනය කරනු ඇතැයි ෆෙන්ග් පැවසීය.
"වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවලට සහ ප්‍රදේශවලටත් මේ ආකාරයේම පරීක්ෂණ චාරිකාවන් සිදුකරාවි. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමග සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යන අතර, වසංගතයේ ගෝලීය සම්භවය සොයාගැනීමේ කාර්යයට අපගේ දායකත්වය නොපිරිහෙලා ලබාදෙනවා." චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.