කොරෝනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණයන්හි කොටසක් ලෙස චීනයේ වූහාන් නගරය වෙත පැමිණ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥ කණ්ඩායම අද එම නගරයේ හෝටලයකදී සිය නිරෝධායනය අවසන් කර තිබේ.
මෙම පිරිසේ එක් විශේෂඥයෙකු චීන මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඔවුන් පසුගිය සති දෙක තුළ චීන විද්‍යාඥයන් සමග වීඩියෝ සම්මන්ත්රණ හරහා සන්නිවේදනය කරමින් සිටි බවය.
13 දෙනෙකුගෙන් යුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පසුගිය ජනවාරි 14 වැනි දින චීනයට පැමිණි අතර, තවත් විශේෂඥයන් දෙදෙනෙකු කොරෝනා වෛරස ප්‍රතිදේහ සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් රටට ඇතුළු කිරීම ප්‍රමාද කළහ.