රට අස්ථාවර තත්වයට පත්නොකොට කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකෙරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරුවේදි ඇල්පිටිය නගරයේ දි පැවැත්විණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි ගීතා කුමාරසිංහ මහත්මිය හා ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රි එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි. සටන්පාඨ කියමින් පැමිණි විරෝධතා කරුවන් කථානායක කරු ජයසුරිය මහතාගේ අනුරුවට සමාන ලෙස සැකසු පඹයකුද පුළුස්සා කථානායකවරයාට දැඩි විරෝධය පලකරනු ලැබිය. ගිතා කුමාරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.