විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට පැමිණෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
"50න් 17ක් ඉන්නවා අපේ පැත්තට එන්න. අපි බලන් ඉන්නේ විස්සට විස්සක් ගන්න. අගමැතිතුමට මට ගෙදර ඉන්න නෑ. වාහන නෑ ඇමතිකම් නෑ කියනවා.
නම් කියන්න පුළුවන්. එහෙම කියන එක හරි නෑ. අගමැතිතුමත් කියනවා නම් කියන්න එපා කියලා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාම මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එක් නොවන බවයි.