රජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා අද (24) දිනය වනවිට විශේෂ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබිණි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද දිනය වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබු පෙත්සම් 06ට අමතරව අද දිනයේදී තවත් පෙත්සම් 06ක් ගොනු කරනු ලැබුවේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සීඉලංගෝවන් තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි නමැත්තන්ය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් නීතීඥ ඉන්දික ගාල්ලගේ මහතා පසුගිය 22 වැනිදා මුල්ම පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්සම්පන්දන් අනිල් කාරියවසම් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කොට තිබු අතර ඒ අනුව ඊයේ දිනය වනවිට පෙත්සම් 06ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබිණි.
ඉන් අනතුරුව අද දිනයේදී හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන ශ්‍යාම් අබ්දුල් සනුන් යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්. සී.සී ඉලංගෝවන් තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 06 ක් ගොනු කරන ලදී.
මෙම පෙත්සම් වල ද වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදුවීමක් සිදු වන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් අයිතීන්ද උල්ලංඝනය වන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතරයක මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.