වසරකට මිදි කිලෝ 400ක අස්වැන්නක් ලැබෙන මිදි වැලක්
මධ්‍යම පළාතේ ඇති විශාලම මිදි වැල ලෙස සැලකෙන මිදි වැලක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට වට්ටාරන්තැන්න ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරයේ දී දැක ගන්නට ලැබේ. වසර හතලිස් පහක් පමණ ඉපැරණී මෙම මිදි වැල වර්ග අඩි දෙදහස් පන්සියයක පමණ වපසරියක පැතිරී ඇත.
විහාරාධිපති මකුරුප්පේ සීලවිමල හිමියන් ප්‍රකාශ කලේ මිදි වැලට හොදින් සාත්තු සප්පායයම් කරන නිසා වසරේ කන්න දෙකේදී මිදි කිලෝ හාරසියයක පමණ අස්වැන්නක් ඉන් ලැබෙන බවත්ය.
එසේ මිදි වැල නඩත්තු කිරීම සදහා විශාල පරිශ්‍රමයක් දැරුවද මිදි අස්වැන්න සඳහා හොද මිලක් නොලැබෙන බවද උන් වහන්සේ තව දුරටත් ප්‍රකාශ කළේය.
තලාතුඔය අසේල වික්‍රම

-
nariya Friday, 22 May 2020 08:03 AM
ඔය මිදී තිතම තිත්තයි
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
