කොවිඩ්-19 වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් ලබාදී සති තුනකට පසුව දිල්ලියේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන පල්ලව් බග්ලා වෙත අධික උණ, උගුරේ අමාරුව සහ සාමාන්‍ය ශාරීරික අපහසුතා ඇති විය.
ඒ අනුව පසුගිය අප්‍රේල් 22දා ඔහු කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදු කළේය. ඉන් දින හතරකට පසුව පපුවේ ස්කෑන් පරීක්ෂාවක්ද සිදුකළ අතර, උණ දිගටම පැවතුණු හෙයින් බග්ලා රෝහල්ගත කරනු ලැබුවේ, පළමු රෝග ලක්ෂණවලින් දින අටකට පසුවය.
ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරු 58 හැවිරිදි බග්ලා රුධිර පරීක්ෂණවලට භාජනය කරමින්, ස්ටිරොයිඩ්ස් ප්‍රතිකාර ලබාදීම ඇරඹීය. කෙසේ වෙතත් ඔහුට නිදන්ගත දියවැඩියාව පැවති අතර, ඔහුගේ රුධිරයේ සීනි මට්ටම තවදුරටත් ඉහළ නගින්නට විය. නමුත් වාසනාවකට මෙන්, බග්ලාගේ ඔක්සිජන් මට්ටම කිසිවිටෙකත් අනතුරුදායක ලෙස පහත වැටුණේ නැත.
ඉන්දියාවේ පවතින කොවිඩ්-19 ඛේදවාචකය හමුවේ බග්ලා වාසනාවන්ත විය. තවත් දින අටක් ගෙවී ගියේය. වෛරසය ආසාදිත වූ බග්ලා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටවීමට පෙර තමාට ප්‍රතිකාරකළ වෛද්‍යවරුන්ට ස්තූති කිරීමට පිවිසියේය. ඒ මොහොතේ වෛද්‍යවරුන් ඔහුට යමක් පෙන්වීය. ඒ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබා නොගත් ඔහුගේම වයසේ දියවැඩියා රෝගියෙකුද වන ආසාදිත පිරිමියෙකුගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාවකි. වෛද්‍යවරු එය බග්ලාගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාව සමග සංසන්ධනය කරමින් වෙනස පෙන්වීය. එය දැකීමෙන් ඔහු විශ්මයට පත්විය.
"වෙනස ඉතාම පැහැදිලියි. මම එන්නත නොගෙන සිටියා නම් මටත් දැඩි සත්කාර ඒකකයේ වෙන්ටිලේටර් භාවිත කරන්න සිදුවෙන බව වෛද්‍යවරු කියා සිටියා. වාසනාවකට මෙන් කාලෝචිතව සම්පූර්ණ එන්නත් ලබාගෙන සිටීමෙන් මගේ ජීවිතය බේරුණා" බග්ලා පැවසීය.
ඉන්දියාව බිලියන 1.3ක ජනගහනයෙන් 3%ක් තරම් ඉතා සුළු පිරිසක් සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති අතර, එසේ එන්නත් ලැබූ අය අතරද වත්මන් වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන් වන පිරිස ඉහළ යන බව වාර්තා වෙයි.
නමුත් කොවිඩ්-19 මර්දන එන්නත් අවිවාදිත ලෙස වසංගතයට එරෙහිව ඵලදායී බව මේ වනවිට ලොව බොහෝ රටවල තත්ත්වයන් සමග සනාථ වී ඇත.
එන්නත් ලබාගත් සියලු දෙනා තුළම කොවිඩ්-19 ආසාදනය වීම වැළැක්වූයේ නැතත්, වෛරසයේ වඩාත් භයානක ප්‍රභේදවලින් පවා එන්නත නිසා බොහෝ මිනිසුන් දරුණු රෝගාබාධ හා මරණයන්ගෙන් ආරක්ෂා කර ඇත. ඒ නිසා එන්නත ලබාගැනීමට ඔබට අවස්ථාවක් ඇත්නම් එය ගැන දෙවරක් නොසිතිය යුතු බව අවිවාදිතය.
ලෝකයේ සම්පූර්ණ එන්නත් මාත්‍රා ජනගහනයෙන් වැඩි පිරිසකට ලබාදුන් රාජ්‍යයන් මේ වනවිට මුඛ ආවරණවලින් තොරව හැසිරීමටද ජනතාවට අවකාශය ලබාදෙමින් සිටින්නේ ප්‍රජා ප්‍රතිශක්තියක් එන්නත් හරහා ගොඩනැගෙමින් ඇති නිසාය.
කෙසේ වෙතත් දැනට වැඩි බහුතරයකට එන්නත් ලබානොදුන් රාජ්‍යයන් තුළ, වේගයෙන් වර්ධනය වන වසංගතයක් හමුවේ දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වසංගත රෝග විශේෂඥයන් සඳහන් කරන මූලික මහජන සෞඛ්යාරක්ෂක පියවර අනුගමනය කිරීමට ජනතාව කැපවිය යුතුය.