සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නැවතත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අද එක්ව තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ගත් තීරණයත් සමග වසන්ත සේනානායක මහතා එවකට එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවටත්, නැවතත් ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයටත්, නැවතත් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවටත් යළිත් ආණ්ඩුවේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසන්නේ වසන්ත සේනානයක මහතා එජාපෙ කණ්ඩායම් රැස්වීමට එක්වූ බවත් අදහසක් ප්‍රකාශ නොකරන බවත්ය.