වසංගතයෙන් වසරකට වැඩි කාලයකට පසුව ගිනිකොනදිග ආසියානු රටක් වන ලාඕසය සිය පළමු වැනි කොවිඩ්-19 මරණය වාර්තා කර ඇති බව එරට රජයේ පුවත්පතක් වන වියන්ටියාන් ටයිම්ස් වාර්තා කරයි.
53 හැවිරිදි වියට්නාම කැරෝකී සේවිකාවක වියන්ටියාන් අගනුවරදී වෛරසයෙන් මියගිය බව කොවිඩ්-19 වැළැක්වීමේ හා පාලනය සඳහා වූ ජාතික කාර්ය සාධක බලකාය පවසා තිබේ.
දියවැඩියාව සහ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් කාන්තාවගේ තත්ත්වය සංකීර්ණ වූ බව වියන්ටියාන් ටයිම්ස් වාර්තා කරයි.
ලාඕසය අපේ‍්‍රල් 14දා අලුත් අවුරුදු නිවාඩුවේ සිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් අත්විඳිමින් සිටින බව කියයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව සෙනසුරාදා වනවිට රට තුළ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,233ක් පමණි. ඉන් 1,184ක් පසුගිය මාසයේ වාර්තා වී තිබේ. ඉන් 28ක් සෙනසුරාදා වාර්තා විය.
වයෝවෘද්ධ පුද්ගලයින්ට වෛරසය වැලඳී ඇති අතර, නිධන්ගත රෝගී තත්ත්වයන් ඇති අය දැඩි රෝග ලක්ෂණවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් බූතෙප් ෆෝමින් ප්‍රකාශ කර තිබේ.
ලාඕසය විසින් දළ වශයෙන් මිලියන 7.28ක ජනගහනයක් සඳහා කොවිඩ්-19 එන්නත මාත්‍රා 184,387ක් දැනට ලබාදී ඇත.
සෞඛ්‍ය බලධාරීන් විසින් මෑතදී ඇති වූ ආසාදන ඉහළ යාම සුපිරි සම්ප්‍රේෂකයන් නිසා ඇතිවූවක් බව පවසන අතර, ඔවුන්ගේ සමීප සම්බන්ධතා සහ ඔවුන් සිටින ස්ථානය හා තත්ත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු ලබාදී තිබීම තත්ත්වය ව්‍යාකූල වීමට හේතු වූ බව පුවත්පත පවසයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ලොක්ඩවුන් සීමා සහ වෙනත් ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන තිබේ.