කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දේශීය හා ගෝලීය ඉල්ලුම යථා තත්ත්වයට පත්වෙමින් ඇති පසුබිමක චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ මුල් කාර්තුවේදී වාර්ෂිකව 18.3%ක වාර්තාගත වේගයකින් වර්ධනය වී තිබේ.
2020 පළමු වැනි කාර්තුවේදී චීනය වාර්ෂිකව 6.8%ක හැකිලීමක් වාර්තා කළ අතර, COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රටට සිය ආර්ථික කටයුතු නවතා දැමීමට සිදුවීම ඊට මූලික හේතුව විය.
නමුත් මේ වසරේ වඩාත් සාර්ථක ලෙස යළිත් වර්ධනය වීමට වේදිකාව සකසා ගෙන ඇති චීනය, යථා තත්ත්වයට පත්වන ගෝලීය ආර්ථිකයකින් ප්රතිලාභ ලබමින්, මෙම මාර්තු මාසයේදී අපනයනය වසරකට 30%කට වඩා වර්ධනයක් ළඟා කරගෙන ඇත.