මේ වසරේදී නව කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ගෙවීමට ඇ.ඩො.මිලියන 800කට ආසන්න මුදලක් සහතික කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22දා) ජිනීවා නුවරදි පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක රැස්වීම අමතමිනි.
එය ඒජන්සියේ අරමුදල් ඉලක්කය වන ඇ.ඩො.බිලියන 1.7 කරා ළඟාවීමට ඇ.ඩො.මිලියන 900ක පමණ පරතරයක් ඉතිරි කර තිබේ.
"වසංගතයේ ආරම්භයේ සිටම, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සියලුම, එනම් මට්ටම් තුනේම ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීම සඳහා දිවා රෑ වැඩ කටයුතු කර තිබෙනවා. තාක්ෂණික උපදෙස් සැපයීම, දේශපාලන සහයෝගීතාව උත්ප්‍රේරණය කිරීම, සම්පත් බලමුලු ගැන්වීම, සැපයුම් සම්බන්ධීකරණය සහ තවත් බොහෝ දේ ඒ අතර පවතිනවා." ටෙඩ්රොස් විධායක මණ්ඩල රැස්වීමේදී වැඩිදරටත් පැවසීය.