එක්සත් ජනපදයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 184,514ක් සහ මරණ 1,431ක් සිකුරාදා වාර්තා වූ බවත්, සෙනසුරාදා තවමත් ගණනය කෙරෙන ආසාදන සංඛ්‍යාව දැනටමත් 140,000ක් පසුකර ඇති බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
වසංගතය ආරම්භ වූ දින සිට රට තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය වන අතර, දින හතරක වාර්තාගත මුළු එකතුවද ඉතා විශාලය.
සමස්තයක් වශයෙන්, අවම වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයන් 10,877,379ක් (දැනට ගණනය වෙමින් පවතින සෙනසුරාදා ආසාදනත ඇතුළුව) වාර්තා වී ඇති අතර එක්සත් ජනපදයේ පුද්ගලයින් 245,495ක් මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම ආසාදන එරට ප්‍රාන්ත 50න්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදන මෙන්ම, විදේශයන්හි සිට නැවත රටට ගෙන්වා ගත් ආසාදිත පුද්ගලයන්ද ඇතුළු අගයන්ය.
නොවැම්බර් 13දා ආසාදිතයන් 184,514
නොවැම්බර් 12දා ආසාදිතයන් 153,496
නොවැම්බර් 11දා ආසාදිතයන් 143,231
නොවැම්බර් 10දා ආසාදිතයන් 140,290
නොවැම්බර් 07දා ආසාදිතයන් 128,468
ආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය. එක්සත් ජනපදය වෙන කවරදාකටත් වඩා වැඩි පිරිසක් කොවිඩ්-19 සමග රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.