වසංගත සමයේ රැකියාව හා පාසල් අධ්‍යාපනය වෙනස් කිරීම සැලකිල්ලට ගනිමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් සියලුම කැනේඩියානුවන් අධිවේගී අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා ඩොලර් බිලියන 1.75 ක බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබේ.
මුලුමනින්ම පාහේ ග්‍රාමීය හා දුරස්ථ ප්‍රජාවන්හි යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා මෙම අරමුදල යොදවනු ඇතැයි ටෘඩෝ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
අධිවේගී අන්තර්ජාලයේ වැදගත්කම සහ කැනේඩියානු පුරවැසියන්ට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේදී රජයේ කාර්යභාරය පෙන්වා දෙමින්, ටෘඩෝ මෙම කාල සීමාව තුළ නිවසේ සිට වැඩ කිරීමේ හා අධ්‍යාපනය ලැබීමේ වෙනස් වූ පසුබිම වෙත මෙසේ සහාය දැක්වීමට සැරසෙයි.
"හොඳ විශ්වාසදායක අන්තර්ජාලයක් සුඛෝපභෝගී දෙයක් නොවේ. එය මූලික සේවාවක් වන අතර එය සෑම කැනේඩියානු ජාතිකයෙකුටම ලැබිය යුතු සේවාවක්" යැයි ටෘඩෝ පැවසීය.
අගමැතිවරයා පවසා සිටියේ, පසුගිය වසර පහ තුළ සිය රජය එරට නිවාස මිලියන 1.2ක් අධිවේගී අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා ආයෝජනය කර ඇති බවය. එසේම තම රජයට පෙර සිටි රජය විසින්ද පුද්ගලයින් මිලියන ගණනක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා ඩොලර් මිලියන 700ක් ආයෝජනය කර ඇති බව පැවසූ ටෘඩෝ, පසුගිය වසර පහ තුළ තම රජය ඩොලර් බිලියන 6ක් අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ලබාදීම සඳහා ආයෝජනය කර ඇති බවත්, එය මේ සඳහා වූ ආයෝජනය 10 ගුණයකින් පමණ ඉහළ නැංවීමක් බවත් සඳහන් කළේය.