දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන්ම වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් හා ශීත උදෑසන රාත්‍රී කාලයන් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (31දා) දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත්, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
එසේම මධ්‍යම, වයඹ, උතුරු හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.