වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
ගල්කිස්ස ප්රදේශයේ හෝටලයක නීතිවිරෝධී අයුරින් විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළේය.
එහි චීන හා තායිලන්න ජාතිකයන් 150කට අධික පිරිසක් රැඳී සිටි අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු නීතිවිරෝධීව රැඳී සිටි අය බව හඳුනාගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් විදේශියකයන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාරදී තිබේ.