අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15කට අයත් ග්‍රාම නිලධාරි වසම් 62ක පවුල් 129ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙකි පවුල් 129ට අයත් පුද්ගලයින් සංඛ්‍යාව 430 දෙනෙකු බව පවසන ආපදා කළමණාකරණ ඒකකය ආපදා තත්ත්වය හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසීය.
අර්ධහානි නිවාස 02ක් හා පුර්ණහානි නිවාස 124ක් වාර්තා වි ඇති බවද ආපදා කළමණාකරණ ඒකකය පවසයි.