එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ සේවය කළ පොලිස් නිලධාරියෙකු බදාදා කැපිටල් හි ඇති වූ කෝලාහලයෙන් ඇති වූ සිදුවීම් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
වොෂිංටනය මෙන්ම සමස්ත ඇමෙරිකාවම අරාජික කරමින් සිදුවූ මෙම ප්රචණ්ඩක්රියා හේතුවෙන් මියගිය පස්වැනි පුද්ගලයා මෙම පොලිස් නිලධාරියාය. ගොඩනැගිල්ල වෙත කඩා වදින ජනතාව පාලනය කිරීමට නොහැකිව පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනෙකු මෙම අවස්ථාවේදී විවිධ හේතූන් නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ට්රම්ප් හිතවාදී කැරලිකරුවන් බදාදා කැපිටල් ගොඩනැගිල්ල සහ සෙනෙට් මණ්ඩල ශාලාව මෙන්ම, කතානායක පෙලෝසි සහ අනෙකුත් කැපිටල් කාර්යාල කොල්ල කෑ අතර, ලැප්ටොප් පරිගණක ඇතුළු තවත් ලිපිලේඛන සොරාගෙන ගොස් ඇති බවද කියයි.