තම මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කර, ඔහු ලවා කොණ්ඩය කපාගත් බව ධවල මන්දිරයේ ආර්ථික උපදේශක හා ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්යක්ෂ ලැරී කුඩ්ලෝ පවසයි.
ධවල මන්දිර ආර්ථික උපදේශකවරයා මෙසේ පවසා සිටියේ ෆොක්ස් නිවුස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සජීව සංවාදයකට එක්ව සිටි අවස්ථාවේ නැගුණු පැනයකට පිළිතුරු වශයෙනි.
ඉන්ග්‍රැහැම් අනතුරුව කුඩ්ලෝගේ ක්‍රියාව හාස්‍යයට ලක්කරමින්, "ඔබ විතරක් විශේෂයි. අපි කිසිම අයෙකුට වරප්රසායක් නොමැති අවස්ථාවේ, ඔබ බාබර් සාප්පුවකට ගිහින් කොණ්ඩය කපාගෙන. අපි වරප්‍රසාද නැතිව වෛරසය සමග සටන් වදිනවා." යැයි පවසා සිටියාය.
මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව හේතුවෙන් වොෂිංටන් ඩී.සී. හි බාබර් සාප්පු සියල්ල වසා ඇති පරිසරයක ධවල මන්දිර ආර්ථික උපදේශකවරයා මෙසේ සමාජ දුරස්ථකරණ සීමා කඩකර තිබේ.
"මට මේ වෙලාවෙ ලොකු දෙයක් කරන්න නැහැ. නමුත් ඔබේ වැඩසටහනට එද්දි හොඳ පෙනුමකින් සහභාගී වුණොත් හොඳයි කියල මම හිතුවා" කුඩ්ලෝ ඉන්ග්රැහැම්ට පවසා සිටියේය.
කුඩ්ලෝ තවදුරටත් කියා සිටියේ සිකුරාදා ධවල මන්දිරයට යන විටත් තමාට අසනීප තත්ත්වයක් හෝ නොතිබුණු බවත්, පසුගිය සතියේ කොරෝනා වෛරස් සඳහා සෘණාත්මක ප්‍රතිඵලයක්ද තමන් පෙන්නුම් කළ බවත්ය.