කදාන ජයසමරුගම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂාවකින් රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් 06ක් ඇතුළු 29 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස තහවුරු වු බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව් .එම්.වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.
PCR පරීක්ෂණ 131 න් මෙම තහවුරු වු කොවිඩ් 19 ආසාදිතයින් 29 සොයා ගෙන තිබු අතර බහුතරයක් ආසාදිතයින් සොයා ගනු ලැබ තිබුණේ කදාණ ප්‍රදේශයෙනි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා.