වවුනියාව කෝවිල්කුලම් ප්රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන ඊයේ (05) දින සියදිවි හානිකරගෙන ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
අදාල දැරිය ළමා නිවාසයේ සිටියදී ඊයේ රාත්රියේ ආහාර ගැනීම සඳහා සොයා බලන අවස්ථාවේ දැරිය නොසිටීමෙන් පරික්ෂා කර බැලීමේදී ළමා නිවාසයේ පිහිටි නානකාමරයක් තුලදී ළණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට ළමා නිවාසයේ පාලිකාවන් අනාවරණය කර ගැනීමෙන් පසුව මේ බව වවුනියාව පොලීසියට දැනුම් දී ඇත.
මෙසේ සියදිවි හානි කොට ගෙන ඇත්තේ 17 හැවිරිදි රාජි සෙල්වරාණි නැමති දැරියක් වන අතර දැරිය සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මියගිය දැරියගේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වවුනියාව මහරෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වවුනියාව පොලීසිය විසින් සිදු කරයි.
