වවුනියාව පුලියන්කුලම් නයිනමඩු ප්රදේශයේදි පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
නයිනමඩු ප්රදේශයේ කැලෑවක පිහිටි මෙම බෞද්ධ නටඹුන් සහිත ස්ථානයේ නිධානයක් ගැනීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් පුලියන්කුලම් පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ ස්ථානයට ගොස් සිදුකල වැටලීමකදී මෙම පිරිස නිධානය තිබූ බවට සැක කෙරෙන ස්ථානයේ කැනීම් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් අදාළ ස්ථානයට නිධානය ගැනීමට රැගෙන ගිය බඩු බාහිරාදියද සමඟින් ත්රිරෝද රථයක් හා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මරක්කාලම්පලෙයි , ඕමන්ත හා නෙඩුන්කේනි ප්රදේශයන්හි පදිංචිකරුවන් වන අතර එම පිරිස් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.
