වව්නියාවෙන් කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
වව්නියාව පට්ටානිචූර් ප්රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තේ සඟවා තිබූ තියුණු කඩු දෙකක් සමඟ අදාළ මුස්ලිම් ජාතිකයා අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවට වව්නියාව නෙලුක්කුලම් පොලීසිය පවසයි.
වව්නියාව නෙලුක්කුලම් පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ මුස්ලිම් ජාතිකයාගේ ගෙවත්තේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ගෙවත්තේ අපජලය ගලායන කානුවක් තුල නොපෙනෙන අයුරින් ප්ලාස්ටික් බටයක් තිබී සොයාගෙන ඇත.
පසුව එය පරික්ෂා කිරීමේදී ඉතා තියුණු කඩු දෙකක් තිබී හමු වී ඇති අතර නිවසේ හිමිකාර 37 හැවිරිදි මුස්ලම් ජාතිකයාද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පවසයි.

popular news
-
Champa Wednesday, 01 May 2019 10:24 AM
අම්ම. මේ නිකම් වදකයෝ පාවිච්චි කරන කඩු වගේනේ. කොහොමද සයිස් එක? කඩු කීවහම මම හිතුවේ අර හීනි දිග කඩු තියෙන්නේ මිටට handle එකක් වගේ එකක් එක්ක. ඒ වගේ කියල. මේ නම් මිනිමරන්නම තියන් ඉඳලා තියෙන කඩු. අම්මෝ මහා මිනිස් සංහාරයක් වෙන්න තිබුන. හරක් මරනවා වගේ මිනිස්සුන්වත් මරන්න ලැස්ති වෙලා ඉඳල තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

