වව්නියාව කනගරායන්කුලම් කුංචිකුලම් ප්රදේශයේ කැලෑවක තිබූ මෝටාර් උණ්ඩ තොගයක් හමුවී ඊයේ (22) දින පොලිස් විශේෂකාර්ය බලකාය විසින් නිෂ්ක්රීය කල බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි.
ප්රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත යුද හමුදා නිලධාරීන් පිරිසකට මොටාර් උණ්ඩ කිහිපයක් කැලෑවේ තිබී හමුවී ඇති අතර පසුව සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී මෝටාර් උණ්ඩ 08 හමුවී කනගරායන්කුලම් පොලීසිය වෙතට භාර දී ඇත.
අනතුරුව කනගරායන්කුලම් පොලීසිය විසින් වව්නියාව අධිකරණ නියෝගයකට අනුව මාන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ගේ සහය ඇතිව අදාල මෝටාර් උණ්ඩ නිෂ්ක්රීය කිරීමට පියවර ගනු ලැබීය.
යුද සමයේදී කොටි සංවිධානය අදාල මෝටාර් උණ්ඩ තොගය දමා පලා යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.