වව්නියාව දිස්ත්රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්රීක්කයේ කුඩා වැව් 100 කට ආසන්න ප්රමාණයක් වාන්දැමීම සිදු වන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව උතුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බාල්කුලම් සහ ඉලුප්පෙයිකුලම් කුඩා වැව් දෙකක් කැඩී ජලය ගසාගෙන යාම හේතුවෙන් පහත බිම්හි තිබූ කුඹුරු අක්කර 200කට අධික ප්රමාණයක් විනාශ වී ඇති බවටද ප්රදේශවාසී ගොවීහු කියා සිටිති.
එමෙන්ම වව්නියාව දිස්ත්රීක්කයේ පිහිටි මහා වැව්ද පිරී යාමට ආසන්නව ඇති අතර කඩායාමේ අවදානමකට ලක්ව ඇති වැව් තාවකාලිකව පිළිසකර කිරීමට යුදහමුදාවේද සහාය ලබා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.