වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් කිලිනොච්චියෙදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (01දා) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවැරිදි පුද්ගලයෙක්. කිලිනොච්චි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම වෙත බාර දී තිබේ.