ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් කොවිඩ් ආසාදිතයන් හමුව ඇති බවත් එසේ හමුවූවන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලු දෙනා නිරෝධානය කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
නිරෝධායන ඇඳිරි නිතිය ගැන වෙනස්වීමක් තිබේනම් කල්වේලා අතිව දැනුම් දෙන බවත් ඔහු පැවැසීය. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් බොහෝ ආසාදිතයන් දැනට ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් වාර්තා වූ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.