විවිධ අනතුරු හේතුවෙන් වසරකට මරණ 10,000කට අධික ප්‍රමාණයක් සිදුවන බවත්, මෙම ප්‍රමාණයෙන් 3,000ක් පමණ සිදුවනුයේ රිය අනතුරු හේතුවෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශය සඳහන් කරයි.
මේ නිසා හෙට (31දා) දිනයේ සිට ගිනිකෙළි අනතුරු, බීමත්ව රිය පදවා සිදු කරන අනතුරු අවම කර ගනිමින් නොසැලකිල්ලෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවද එම එක්කයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේය.
නව වසර උදාවීම වෙනුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි හෙට (31දා) දිනය තුළ විශාල ලෙස භාවිත වන බවත්, මේ නිසා ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඒවා සිදුකළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව කිසිදු අවස්ථාවක බීමත්ව රිය පැදවීම නොකළ යුතු බවත්, බීමත්ව රිය පැදවීම ඇතුළු වෙනත් කරුණු හේතුවෙන් වසරකට තුන්දහසකට අධික පිරිසකගේ ජීවිත අහිමි වන බවත් ඒ මහතා පැවසීය.