වලානෙන් අත්අඩංගුවට ගත්තේ වළගම්බා රජුගේ කඩුවද?
වළගම්බා රජ්ජුරුවන්ට අයත් බව පවසා රැගෙන ආ පෞරාණික බවක් පෙනෙන අසිපතක් විකිණීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් එම අසිපත සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
අසිපත අල්ලන කොටස මකරෙකුගේ රුවකින් සමන්විත අතර, එහි දිග අඟල් 23 ක් කඩුවේ බර ග්‍රෑම් 750ක් බව පොලිසිය සඳහන් කරයි.
මහියංගන ප්‍රදේශයේ රක්ෂිතයක පිහිටි විශාල ගල් ලෙනක නිධන් කර තිබී ගොඩගත් බව කියන වලගම්බා රජු පරිහරණය කරන ලද මකර රුව සහිත අසිපතක් රුපියල් ලක්ෂ හතළිහකට විකිණීමට පුද්ගලයන් දෙදෙනකු ගැනුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා ව්යාපාරිකයන්සේ පොලිස් නිලධාරීන් වෙස් වලාගෙන මහියංගන පබහින්න ප්‍රදේශයට ගොස් සැකකරුවන් දෙදෙනා එම අසිපතක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී ඔවුන් එම ස්ථානයට තාවකාලිකව විදුලිය ලබාගෙන විදුලි යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක් දිවා රාත්‍රී දෙකේම කඩන අයුරු දැක්වෙන දර්ශන අඩංගු වී තිබූ බව පොලිසිය කියයි.
එම අසිපත සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් කැඳවීමටද නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 ක් වන බණ්ඩාරවෙල පදිංචිකරුවන්ය.




popular news
-
මංගල Thursday, 22 December 2022 11:46 AM
අයියෝ අයියෝ මේක බොරුවක්, මේක මේ ඉයේ පෙරේදා හදලා වල දාල ටික කාලයක් තියලා ගත්ත කඩුවක්. විකුණන්න ඕන නිසා බොරු වීඩියෝ හදලා තියෙන්නේ ගන්න ගොනාට සැක නොහිතන්න. ලංකාවේ රජවරු දැන් ඉන්න දේශපාලුවො වගේ නෙවෙයි කඩු වලින් ප්‍රයෝජන ගත්තා. ගල් අස්සේ හංගලා තිබ්බේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි ගොන්වහන්සේලා රටේ ඉන්නාතාක් මේ වගේ වංචාකාරයින්ගේ මල්ල පිරෙයි.
Reply : 0 0
Kasun Thursday, 22 December 2022 12:40 PM
mewa alluwata policiyai desha paluwoi mewa horakam karanawa ita wada hondai neda mewa bohoma amaruwen hoya gaththu minissu vikunala kiyak hari hoyaganna eka den me kaduwa giye kamba horun athata kudu allanawa thoga pitin ewata wechcha deyak nehe kaha alluwa ikmanata pichchuwa allapu kudu ai policiya deshapaluwanta denawa kiyata hari deshapaluwo jawaram karayanta denawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
