වැල්ලවත්ත ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්රාත් සමාගමක පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව පොලීසිය පවසයි.
ඊයේ රාත්රී 10.45ට පමණ මෙම ගැටුම ඇතිව ඇතිව තිබේ. මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයන් 03ක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
බීමත්ව ඇතිවූ වූ ආරවුලක් මත මෙම ගැටුම ඇතිව තිබේ. සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.