ජනපතිවරණයට අදාළව වැල්ලවැටිතුරේ පොලිස් ස්ථානයෙන් ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයඳුම්පත් 54ක් අතරින් තැපැල් ඡන්ද අයදුම්පත් පත් 43ක් ප්රතික්ෂේප වීම ගැන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
මෙයින් තැපැල් ඡන්ද අයදුම්පත් 25ක් පොලිස් ස්ථානයේ දුර්වලතා හේතුවෙන් ප්රතික්ෂේප වී ඇති බවත් එසේ ප්රතික්ෂේප වූ අයදුම්කරුවන් සඳහා ජනපතිවරණය පැවැත්වෙන දින ඡන්දය ප්රකාශ කිරීම සඳහා එම නිලධාරීන්ට නිවාඩු දී ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.