වැල්ලම්පිටිය - නාගහමුල්ල මංසන්ධියේ අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක නැගි පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් වැල්ලම්පිටියේ සිට දෙමටගොඩ දක්වා දිවෙන මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන ඇත.
මෙම විරෝධතාවයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ආපදා රථයක් යොදා ගෙන විරෝධතාකරු බිමට බැස්ස විමට පොලීසිය කටයුතු කරමින් සිටියි.