වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හිටපු රියදුරෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී. කරලියද්ද මහතා අද (23දා) බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවමක් නියම කළේය.
මීට අමතරව රුපියල් ලක්ෂ 105ක දඩ මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා චූදිත පුද්ගලයන් දෙදෙනාට වැඩිදුරටත් නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසනයේ සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ වලපනේ ප්‍රාදේශීය සභාවේ රියදුරු ලෙස කටයුතු කළ බී. ජටිල ලාල් නමැත්තන්ටය.
2004 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේතුවට අයත් ජීප් රථයක් අවභාවිත කිරීම සහ බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් ළඟ තබා ගැනීම යන චෝදනාවලට පොදු දේපොළ පනත යටතේ සහ ගිනිඅවි අඥා පනත යටතේ වලපනේ පොලීසිය සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.
දෙවැනි චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 7,500ක දඩ මුදලක් ගෙවන ලෙස හා එම දඩ මුදල් නොගෙවන්නේ නම්, චූදිතයන්ට අමතර මාස 54ක් සිරදඬුවමක් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එවකට උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
හැටන් රංජිත් රාජපක්ෂ
