වලංගු විසා බලපත්රයක් නොමැතිව මෙරට රැඳිසිටි බංගලාදේශ ජාතිකයකු ඊයේ රාත්රි (09) බුස්ස පන්සල පාරේ කුලි නිවසක නතරවි සිටියදි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.
සැකකාර බංගලිදේශ ජාතිකයාට මෙරට රැඳි සිටිම සදහා විසා බලපත්රය තිබි ඇත්තේ මාසයක පමණ කාලයක් සදහා බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. මොහු මෙරටට පැමිණ දින 45ක කාලයක් වන බවද පොලීසිය පවසයි.
සැකකරු විසිහය හැවිරිදි වියේ පසුවන අයෙකි.
මොහු කොළඹ පිහිටි පුද්ගලික සමාගමක දුරකථන අලුත්වැඩියා කිරිමේ කාර්මිකයකු ලෙස සේවය කොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකාර විදේශ ජාතිකයා මෙකි කුලි නිවසට පැමිණ ඇත්තේ ඉකුත් 09 වැනිදින වන අතර පොලීසියට ලැබුණු තොරතුරකට අනුව විසා බලපත්රයක් නොමැතිව මෙරට රැඳි සිටිමේ චෝදනාව යටතේ පොලීසිය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.