පන්නල , නාලවලාන ප්රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහිටියන් අනූ දෙදෙනාගේ සුවදුක් බැලීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ගම්මානයට පැමිණියහ.
එහිදී වෙල්කම් ගම්මානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළ කාදිනල්තුමා වැඩිහිටියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසීය.
එහි මේ වනවිට භාරව කටයුතු කරන නිලන්ත නුවන් මහතා ඇතුඵ කාර්යය මණ්ඩලයට කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ කඩිනමින් මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂකවරයා හමුවී මෙහි ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරන්න සාකච්ඡාක් පවත්වන බවත්ය.
මෙම ගම්මානයේ නිර්මාතෘ නෙදර්ලන්ත ජාතික සුදු මහතා ලෙසින් හඳුන්වනු ලබන හර්මන් තියඩෝර්ස් ස්ටුවර් මහතා 2012 වර්ෂයේ මියයෑමෙන් පසු ගම්මානය රැකබලාගත් පාලකයන්ගේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ මෙම අර්බුදය වැඩිහිටි ගම්මානය තුළ පැනනැගී ඇති බවද සඳහන්වේ.