වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සහ සිරකරුවන් පිරිසක් 2012 වසරේදි වෙඩි තබා ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරියෙකුට හා බන්ධනාගාර උපනිලධාරින් දෙදෙනෙකුට එරෙහි නඩුව ලබන ඔක් .14 වනදා සිට දිනපතා විභාග කිරිමට එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග (සභාපති) , ප්‍රදිප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරු හමුවේ මෙම නඩුව කැඳවා ලැබු අවස්ථාවේදි ඉදිරිපත් කළ කරුණු විමසිමට ගත් විනිසුරු මඩුල්ල නඩු විභාගයට දිව නියම කළේය. ඔක්.14 වනදා සිට සඳුදා, බදාදා,සිකුරාදා යන දිනවල මෙම නඩුව විභාග කිරිමටද තිරණය කල විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ සාක්කිකරුවන් සිවු දෙනෙකුට ඔක් . 14වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.